brand logo

කොරෝනාවෙන් ආරක්ෂාවෙලා යන්න පුළුවන් බස් රථයක්

21 November 2020

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය විසින් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වී ගමන් කළ හැකි බස් රථයක් ඊය් (20) දා බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයේදී හඳුන්වා දෙනු ලැබීය. මෙම බස් රථය හදුන්වාදීමට වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා එම අවස්ථාවට එක්ව සිටියේය. ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගේ සංකල්පයකට අනුව මෙය නිර්මාණය කර තිබේ. ආසන දෙකින් දෙකට වෙන් කොට ආරක්ෂිත ආවරණ යොදා එම එක් ආවරණ කුටියක එක මගියෙක් ට පමණක් ගමන් කළ හැකිවන පරිදි මෙම බස් රථය සකසා ඇති අතර බස් රථය තුළ සාමාන්‍යයෙන් ආසන 50කට වැඩි ප්‍රමාණයක් තිබුණ ද ආසන්න වශයෙන් මගීන් 20 දෙනෙකුට පමණ සෞඛ්‍ය ආරක්ෂිතව මෙහි ගමන් කළ හැකි වේ. බස් රථයට ඇතුළු වන දොරටුව අසල දෑත් විෂබීජහරණය කිරීම සදහා විෂබීජහරණ දියර බෝතල් සවි කර ඇත. කොන්දොස්තරවරයාට බස් රථය තුළ එහා මෙහා ගමන් කිරීමක් සිදු නොවන අයුරින් වෙන ම අසුනක් වෙන් කොට මෙය නිර්මාණය කර ඇත.
 

More News..