brand logo

කොරෝනාට සම්බන්ධ දුර්ලභ ළමා සින්​​ඩ්‍රෝමයක්

15 May 2020

කොවිඩ් -19 වෛරසයට සම්බන්ධ දුර්ලභ ‘ළමා සින්​​ඩ්‍රෝමයකින්’ එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ ළමුන් රැසක් පෙළෙන බව වාර්තා වේ. එසේම යුරෝපයේ වෙනත් ස්ථානවලද විෂ කම්පන සින්​​ඩ්‍රෝමය (Toxic Shock Syndrome) හා සමාන මෙම රෝගයෙන් පෙළෙන බවට හඳුනාගෙන ඇත. බී.බී.සී. පුවත් සේවය වාර්තා කර ඇති ආාකාරයට එක්සත් රාජධානියේ පමණක් ළමුන් 100ක් පමණ මෙම දුර්ලභ සින්​​ඩ්‍රෝමයට ගොදුරු වී තිබේ. ලන්ඩනයේ ළමුන් 08 දෙනකු රෝගයෙන් මේ වනවිට පීඩා විඳින බවත්, කිහිපදෙනෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් වාර්තා සඳහන් කරයි. මේ අතර ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරින්ද මෙම සින්​​ඩ්‍රෝමයෙන් රෝගී වූ ළමුන් 94 දෙනකු වාර්තා වන බව නිව් ​ෙයා්ර්ක් ආණ්ඩුකාර ඇන්ඩෘ‍ කියොමෝ ප්‍රකාශ කරයි. ඔහු පවසන්නේ නිව් ​ෙයා්ර්ක් නුවරින් වාර්තා වන රෝගීන් අතුරින් ළමුන් තිදෙනෙක් මරණයට පත්වී ඇති බවට නිල නොවන වාර්තාද ලැබී ඇති බවයි. අධික උණ, කැසීම, ඇස් රතුවීම, ශරීර ඉදිමීම සහ ශාරීරික වේදනාව මෙහි රෝග ලක්ෂණ බව ලන්ඩනයේ චව්ලිනා ළමා රෝහලේ වෛද්‍යවරු උපුටා දක්වමින් බී.බී.සී.ය පවසයි. නයන තරංග ගමගේ
 

More News..