brand logo

කොරෝනාට මුවාවී ස්වෛරී රාජ්‍යයන්ට අත පොවන ඇමෙරිකාවේ උත්සාහය හෙළා දකිනවා

07 May 2020

කොවිඩ් 19 විමර්ශනය කිරීමේ මුවාවෙන් ස්වෛරී රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට ඇමරිකා එක්සත් ජනදපදය දරන උත්සාහය ශ්‍රී ලංකා චීන මිත්‍ර සංගමය හෙළා දැක තිබේ. එම සංගමයේ සභාපති නීතිඥ ආනන්ද ගුණතිලක පෙන්වා දෙන්නේ වෙනත් රටවල් අස්ථාවර කිරීමේ ඉතිහාසයක් ඇති ඇමරිකා එක්සත් ජනපදය දරන එවැනි උත්සාහයන් දෙස මහත් සැකයකින් බැලීමට සිදුවී ඇති බවයි. කොවිඩ් 19 වෛරසය පැතිරීම ආරම්භයේ සිට චීනය විනිවිදභාවයෙන් හා වගකීමෙන් යුතුව ක්‍රියාකර ඇති අතර, අවශ්‍යතා ඇති රටවලට වෛද්‍ය උපකරණ සහ සෞඛ්‍ය සේවකයන් පවා ලබාදී ඇත. එමෙන්ම ඉතාලිය සහ සර්බියාව ආධාර ඉල්ලා සිටි විට යුරෝපා සංගමය ඔවුන්ට කිසිදු සහයක් ලබා නොදුන් බවත්, එක්සත් ජනපදය කිසිදු රටකට තවමත් සැලකිය යුතු සහායක් ලබා දී නොමැති බවත් හෙතෙම සඳහන් කරයි.   චාමර පල්ලේගෙදර
 

More News..