brand logo

කොරෝනත් එක්ක උත්සව සමය ගත කරන ඕන විදිය මෙන්න

09 December 2020

කොරෝනා ව්‍යාප්තිය සමඟ උත්සව සමයේ ජනතාව විසින් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත් කර තිබේ. උත්සව සමයේ සාප්පු සවාරි සීමා කර අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පවුලෙන් එක් අයෙකු පමණක් පිටව යාම යෝග්‍ය වන අතර හැකි සෑම අවස්ථාවකම නිවස අසළම ඇති වෙළඳසැලෙන් පිරිස අඩුවෙන් ගැවසෙන අවස්ථාවලදී භාණ්ඩ මිලදී ගත යුතු බව අදාළ මාර්ගෝපදේශන මාලාවේ ඇතුළත් වේ. විශේෂයෙන් පිරිස ඒකරාශී වන ප්‍රියසම්භාෂණ වෙනදා මෙන් උත්සව සමය තුළ නොපැවැත්විය යුතු අතර, පවුලේ සාමාජිකයන් අතර පමණක් සතුට බෙදාගැනීම සිදුකළ යුතු බවයි එමඟින් අවධාරණය කර ඇත.
 

More News..