brand logo

කොරියා රැකියා අවස්ථා යළි ලබාදීමට සාකච්ඡාවක්

08 January 2021

ශ්‍රී ලාංකිකයන් සදහා කොරියාවෙහි රැකියා අවස්ථා වැඩි කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගියදා පැවැත් විණි. ඒ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වුන්ජින් ජියොන්ග් මහතා අතරයි. එහිදී කොරියානු ජනරජය ශ්‍රී ලංකාව සදහා ලබාදී ඇති රැකියා සහයෝගීතාව සක්‍රියකර ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා වී තිබේ. කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් කොරියාවේ රැකියා අවස්ථා ලබාදීම තාවකාලිකව අත්හිටුවා ඇත. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවෙන් නව සේවකයින් බදවා ගැනීම නැවත ආරම්භ කිරීම සදහා කොරියානු රජයේ සහාය ඉල්ලා ඇත.
 

More News..