brand logo

කොරියානු භාෂා විභාගය සම්භන්ධයෙන් නිවේදනයක්

04 December 2020

  කොරියානු භාෂා විශේෂ පරීක්ෂණයෙන් 2019ට වඩා 2020 වර්ෂයේදී වැඩි පිරිසක් සමත්ව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරන අතර එම පිරිස 2019ට වඩා 2020 වර්ෂයේ 20%ක ප්‍රතිශතයක් වැඩි වී ඇත. එසේම කොරියාවේ රැකියා සඳහා භාෂා විශේෂ පරීක්ෂණය අනිවාර්ය වන අතර 2019යේ දී එය 464 දෙනෙකු සමත්වී තිබේ. එය මේ වර්ෂයේ 561ක් සමත්වී ඇති අතර අපේක්ෂකයන් 1,338ක් විභාගයට පෙනිසිට ඇත. මෙම විශේෂ විභාගය පවත්වනු ලබන්නේ දකුණු කොරියාවේ සේවා ස්ථානයන්හී වසර 04ක් සහ මාස 10ක් දක්ෂ හා කාර්යක්ෂමව කටයුතු කළ හා නීති විරෝධි කටයුතුවල නොයෙදුණු තරුණයින් සඳහා නැවත රැකියා ලබාදීමේ එකඟතාවය යටතේ ලැබු අවස්ථාවක් අනුවයි. එසේම 2020 වර්ෂයට අදාලව පවත්වනු ලැබූ කොරියානු භාෂා විශේෂ පරීක්ෂණයේ සමත්වූවන්ගේ ප්‍රතිඵල www.slbfe.lk වෙබ් අඩවියේ පළකර ඇති අතර සමත්වූවන් සඳහා සම්මුඛ පරික්ෂණ 2020.12.14 සිට 18 දක්වා පැවැත්වේ.
 

More News..