brand logo

කොමිෂන් සභා වාර්තා දෙකක් කථානායකවරයාට

05 March 2021

  ජනාධිපති කොමිෂන් සභා 02ක අවසන් වාර්තා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට භාරදී ඇත. ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ නීතීඥ හරිගුප්තා රෝහනධීර මහතා විසින් පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම වාර්තා දෙක ලබාදී තිබේ. ඉන් එක් වාර්තාවක් වන්නේ 2015 ජනවාරි මස 08 වැනි දින සිට 2019 නොවැම්බර් මස 16 තෙක් රජයේ නිලධාරීන්, රාජ්‍ය සංස්ථා, සේවකයන්, සන්නද්ධ හමුදාවන්හි සහ පොලිස් සේවයේ සාමාජිකයන්ට සිදුව ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්ෂාකර තොරතුරු ලබාගැනීම සඳහා වන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව වේ. දෙවන වාර්තාව වන්නේ 2015 ජනවාරි 15 සිට දෙසැම්බර් 31 තෙක් වන කාලය තුල රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දුෂණ වංචා සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවයි.
 

More News..