brand logo

කොම්පඤ්ඤවීදියේ විදුලි සෝපානය කඩා වැටී මියගියේ CR & FC රගර් කණ්ඩායමේ ක්‍රීඩකයෙක්

29 December 2018

කොම්පඤ්ඤවීදියේ ගොනැගිල්ලක පිහිටි රාත්‍රී සමාජ ශාලාවක විදුලි සෝපානයක් කඩාවැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ මෙම අනතුරින් තවත් පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. අද (29) අළුයම 1.50ට පමණ එම රාත්‍රී සමාජ ශාලාව පිහිටි ගොඩනැගිල්ලේ බිම් මහලේ සිට 9 වැනි මහල දක්වා ගමන් කිරීමේදී විදුලි සෝපානය එකවරම අනතුර ලක්ව තිබෙනවා. අනතුරට ලක්වන අවස්ථාවේ විදුලි සෝපානයේ පුද්ගලයින් තිදෙනෙකු ගමන් කර ඇති අතර, ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු මියගිය බවයි පොලීසිය පවසන්නේ. මෙලෙස ජීවිතක්ෂ්‍යට පත්වූයේ බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි කෝකිල සමන්ද පෙරුම නමැති ජනප්‍රිය රග්ර් ක්‍රීඩකයෙකු බවට තොරතුරු වාර්තා වනවා. කෝකිල CR & FC රගර් කණ්ඩායම නියෝජනය කරන ඉදිරිපෙල ක්‍රීඩකයෙකු ද වනවා. කෝකිල සමන්ද පෙරුම, CR & FC රගර් කණ්ඩායමේ නායක ෂේන් සමන්දපෙරුමගේ සහෝදරයා ද වනවා.
 

More News..