brand logo

කොම්පඤ්ඤවිදීයේ පහරදීමකින් පුද්ගලයෙකු මියයයි

12 August 2019

කොම්පඤ්ඤවිදීය, මුත්තයියා පාරේ අද අලුයම සිදු වූ පහර දීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇත. කොම්පඤ්ඤවිදීය ස්ටේපල් වීදියේ කොණ්ඩා සැකසුම් ස්ථානයක කළමනාකාරවරයෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය. අද අලුයම 12.30ට පමණ තවත් කාන්තාවක් සමග ත්‍රිරෝද රථයකින් ස්ටේපල් වීදියට පැමිණි අවස්ථාවේදී තරුණයින් 05 දෙනෙකු අදාළ කාන්තාවට උසුළු විසුළු කර ඇති අතර එහිදී දෙපාර්ශවය අතර බහින් බස්වීමක් සිදුව ඇති අතර මුත්තයියා පාරේදී ගුටිබැට හුවමාරුවක් ද සිදුව ඇතැයි පොලීසිය සඳහන් කළේය. පහර දීමෙන් තුවාල ලබූ අදාළ පුද්ගලයා කොල්ලුපිටියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇත.ඝාතනය සම්බන්ධයෙන් සැකපිට තරුණයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළ අතර , වයස අවුරුදු 17ක තරුණයින් දෙදෙනෙකු, වයස අවුරුදු 18ක, වයස අවුරුදු 20ක හා 24ක තරුණයින් 05 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
 

More News..