brand logo

කොමර්ෂල් බැංකුවේ Flash ඩිජිටල් බැංකු ගිණුම ලංකා QR ගෙවීම් සමග වැඩිදියුණු කරයි

19 May 2020

කොමර්ෂල් බැංකුව විසින් පසුගිය වසරේදී හඳුන්වා දුන් ශ්‍රී ලංකාවේ පළමු අංග සම්පූර්ණ ඩිජිටල් බැංකු ගිනුම වන ‘Flash’ හි ඩිජිටල් බැංකුකරණ ඇප් පහසුකම වැඩිදියුණු කර තිබෙන බව බැංකුව විසින් නිවේදනය කර තිබේ. මේ අවස්ථාවේ අතිශයින්ම කාලීන වැඩිදියුණු කිරීමක් වන මෙමගින් QR හෙවත් Quick Response ගෙවීම් සඳහා අවස්ථාව ලබාදී ඇත. මේ තුළින් ‘Flash’ ගිනුම් හිමියන්ට ඕනෑම වෙළෙඳසලක ලංකා QR කේතය ස්කෑන් කිරීම මගින් මිලදීගන්නා භාණ්ඩ සහ සේවා සඳහා සෘජුවම තම ගිනුම මගින් මුදල් ගෙවීමේ අවස්ථාව ලබාදී ඇත. ලංකා ක්ලියර් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් මෙහෙයවන ලංකා QR කේතය ජංගම දුරකථන මගින් දේශීය මුදල් වලින් කරන ගෙවීම් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දී තිබෙන ජාතික ප්‍රමිතිය වේ. මෙම QR ගෙවීම් විකල්පය නොමිලේ ලබාදෙන අතර කොමර්ෂල් බැංකුවේ ඕනෑම ගිනුමකින් සහ වෙනත් බැංකුවල ගිනුම්වලින් මෙහිදී ගෙවීම් කටයුතු කළ හැකිය. මේ වසරේ මාර්තු මාසයේදී කොමර්ෂල් බැංකුව විසින් නැවත දැනුම් දෙනතුරු ‘Flash’ ඩිජිටල් ගිනුමේ 100% ක්ම ස්වයං ලෙස ලියාපදිංචි වීම සඳහා අවස්ථාව ලබාදුන් නිසා මෙම ගිනුම ආරම්භ කිරීමට මේ වනවිට බැංකු ශාඛාවකට යාමට අවශ්‍ය නොවේ.
 

More News..