brand logo

කොමර්ෂල් බැංකුවේ ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ මෙහෙයුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සම්මානවලින් පිදුම් ලබයි

29 June 2020

2020 වසරේ ශ්‍රී ලංකාවේ ‘හොඳම වාණිජ බැංකුව’ සහ බංග්ලාදේශය තුළ ‘හොඳම විදේශ බැංකුව’ යන සම්මාන හිමිකර ගනී මෙම වසරේ හිමි කරගත් ජාත්‍යන්තර සම්මාන පෙළ තවත් ශක්තිමත් කර ගනිමින් කොමර්ෂල් බැංකුව පසුගියදා එංගලන්තය පදනම් කරගත් Global Business Outlook (GBO) සඟරාව වෙතින් 2020 වසරේ ශ්‍රී ලංකාවේ ‘හොඳම වාණිජ බැංකුව’ සහ බංග්ලාදේශය තුළ ‘හොඳම විදේශ බැංකුව’ යන සම්මාන වලින් ද පිදුම් ලැබීය. Global Business Outlook සම්මාන ලොව වටා රාජ්‍ය සහ පුද්ගලික ව්‍යාපාරික ක්ෂේත්‍රය වෙනුවෙන් පිදෙන විශිෂ්ටතා සම්මාන ලෙස මහත් පිළිගැනීමට ලක්ව තිබේ. එහි අරමුණ වනුයේ ව්‍යාපාරයන්හි නවෝත්පාදන ශක්තිය, නිර්මාණශීලිත්වය සහ අගයන් වර්ධනය කිරීමය. මෙම සම්මාන සඳහා Global Business Outlook සඟරාව සුවිශේෂී විශිෂ්ටතා දක්වන, විශිෂ්ට අගයන් නිර්මාණය කරන සහ ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන ආයතනවලට අයදුම් පත් යොමු කරන ලෙස ආරාධනා කරයි. බැංකුව වෙත කීර්තිමත් ‘ශ්‍රී ලංකාවේ හොඳම වාණිජ බැංකුව’ නමැති සම්මානය පිරිනමා ඇත්තේ ඇගයීමට ලක්වන වසර තුළ ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකවද බැංකුව විසින් දක්වනු ලැබූ මූල්‍ය කාර්ය සාධනය, ජාතික ආර්ථිකයට දක්වන ලද දායකත්වය, මූල්‍ය අන්තර්ගතයන් සහ ග්‍රාමීය සංවර්ධනය, භූගෝලීය ව්‍යාප්තිය, නව නිපැයුම්, ආයතනික සමාජ වගකීම්, නවෝත්පාදන සහ හිමි කරගත් සම්මාන සහ ගෞරවයන් ආදිය පදනම් කර ගෙනය.
 

More News..