brand logo

කොමර්ෂල් බැංකුවේ ටෙලර් යන්ත්‍ර වලින් විදෙස් වීසා කාඩ්පත් සඳහා ස්වයංක්‍රීය මුදල් පරිවර්තන පහසුකම්

09 November 2019

විදෙස් වීසා කාඞ්පත් හිමියන් කොමර්ෂල් බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ඔස්සේ මුදල් ලබා ගැනීමේදී වැඩි විනිවිද භාවයකින් යුතු ‘ස්වයංක්‍රීය මුදල් පරිවර්තන’ පහසුකම (DCC) ව්‍යාප්ත කිරීමට බැංකුව කටයුතු කර ඇත. මෙරටට පැමිණෙන වීසා කාඞ්පත් හිමියන් සඳහා ශ්‍රී ලංකාවේදී මෙම සේවාව ලබා දෙන එකම බැංකුව කොමර්ෂල් බැංකුව පමණි. ‘ස්වයංක්‍රීය මුදල් පරිවර්තන’ (Dynamic Currency Conversion) පහසුකම මගින් ජාත්‍යන්තර සංචාරකයන්ට ඔවුන්ගේ ගිණුම්වලින් ඔවුන්ගේ රටේ මුදල්වලින් ලබාගන්නා අගය නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව කොමර්ෂල් බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් ශ්‍රී ලංකා රුපියල්වලින් ඊට සමාන මුදල් ලබා ගත හැක. මේ මගින් කාඞ්පත් හිමියන්ට මෙරටදී ලබාගත් මුදලට තම රටේ මුදල් පරිවර්තනය වන ප්‍රමාණය පිළිබඳ නිසි අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. ‘ස්වයංක්‍රීය මුදල් පරිවර්තන’ විකල්පය තෝරා ගැනීමේ ඇති වාසිය වන්නේ නිරන්තර විනිමය අනුපාත උච්චාවචනය වීම් හේතුවෙන් සිදුවන පාඩුවලට මුහුණ පෑමට ගනුදෙනුකරුට සිදු නොවීමයි. “ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සංචාරකයන් සඳහා අපේ ‘ස්වයංක්‍රීය මුදල් පරිවර්තන’ පහසුකම ව්‍යාප්ත කිරීමට හැකි වීම පිළිබඳව අප සතුටට පත් වෙනවාල” යැයි කොමර්ෂල් බැංකු කාඩ් මධ්‍යස්ථානයේ ප්‍රධානී තුසිත සුරවීර මහතා පැවසීය. “මෙම පහසුකම සඳහා අවසර ඇති රටවල කාඞ්පත් හිමියන් අතර පුළුල් වශයෙන් භාවිතා වන පාරිභෝගික හිතකාමී සේවාවක්.” ‘ස්වයංක්‍රීය මුදල් පරිවර්තන’ පහසුකම මේ වන විට විදෙස් වීසා සහ මාස්ටර්කාඩ් හිමියන්ට කොමර්ෂල් බැංකුවේ POS ජාලය ඔස්සේ කරනු ලබන ගෙවීම් සඳහා ලබාගත හැකි අතර මාස්ටර් කාඩ් හිමියන්ට බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර තුලින් ද ලබාගත හැක.
 

More News..