brand logo

කොමර්ෂල් බැංකුවේ ආරක්ෂිත අන්තර්ජාල ගෙවීම් සේවා ICBT විශ්වවිද්‍යාලයේ අන්තර්ජාල විදේශ විනිමය ගෙවීම් බලගන්වයි

15 June 2020

ශ්‍රී ලංකාවේ තෘතීය අධ්‍යාපන සැපයුම්කරුවන් අතර සිටින ප්‍රමුඛයෙකු වන ICBT විශ්ව විද්‍යාලය විසින් සිය අන්තර්ජාල ගෙවීම් ද්වාර (IPG) සේවා සපයන්නා ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබෙන අතර මෙම විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවිය මගින් දේශීය සහ විදේශීය සිසුන්ට ඉතාමත් ආරක්ෂාකාරීව අන්තර්ජාලය ඔස්සේ විවිධ රටවල මුදල්වලින් ගාස්තු ගෙවීමේ අවස්ථාව මේ සමග උදාවී තිබේ. බැංකුව විසින් මෙම විශ්වවිද්‍යාලය සඳහා ලබාදී තිබෙන IPG සේවාවන්ට ක්‍රෙඩිට් කාඩ්පත් සහ ඩෙබිට් කාඩ්පත් අනුමත කිරීම, වීසා, මාස්ටර්කාඩ් සහ යුනියන්පේ සන්නාමවලින් යුතු කාඩ්පත්වලින් කරන සෘජු ගෙවීම් සැකසීම ඇතුළත් වේ. මෙහිදී, මෙම විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවිය ඔස්සේ සිදුකරන අන්තර්ජාල ගෙවීම් ක්‍රියාවලිය සඳහා කොමර්ෂල් බැංකුව විසින් පහසුකම් සපයන අතර ඒ සඳහා සම්පූර්ණයෙන්ම ගෙවීම් කාඩ්පත් කර්මාන්ත දත්ත ආරක්ෂණ ප්‍රමිති (PCI-DSS) අවශ්‍යතාවන්ට අනුකූල මාස්ටර්කාඩ් ගෙවීම් සේවාව සපයා තිබේ. මෙය ඉතාමත් ආරක්ෂාකාරී ඊ-වාණිජ්‍යය විසඳුමක් වන අතර මෙහිදී කාඩ්පතේ තොරතුරු ඉතාමත් ආරක්ෂාකාරීව ගෙවීම් සර්වරයේ සැකසෙන අතර එය වෙළඳුන්ගේ පාර්ශ්වයෙන් සැකසීමක් සිදු නොවේ.
 

More News..