brand logo

කොමර්ෂල් ක්‍රෙඩිට් නව සභාපතිවරයා ලෙස ඩී. සූසපිල්ලේ මහතා පත් කෙරේ

15 June 2020

ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි ලීසිං සහ මූල්‍ය සේවා කර්මාන්තයේ පුරෝගාමියෙකු වන ඩී. සූසපිල්ලේ මහතා කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගමේ නව සභාපතිවරයා ලෙස පසුගිය දා පත් විය. මීට පෙර සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සභාපතිත්වය දැරූ මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු හා ජ්‍යෙෂ්ඨ නීතිඥයකු වන සිසිල් පෙරේරා මහතා අධ්‍යක්ෂ මණ්ඩලයේ වසර 09ක නියාමක කාලයක් සේවා ඉටු කිරීමෙන් පසු විශ්‍රාම ගැනීමත් සමග සූසපිල්ලේ මහතා එම තනතුරට පත් විය. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ සහ ශ්‍රී ලංකා සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරීන්ගේ ආයතනයේ සාමාජිකයෙකු වන ඔහු ප්‍රමුඛ පෙළේ ලීසිං සමාගම් කිහිපයක මූල්‍ය අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ යන තනතුරු යටතේ අධ්‍යක්ෂ මණ්ඩලවල සේවය කර ඇත. ඔහු 2014 ජනවාරි මාසයේදී කොමර්ෂල් ක්‍රෙඩිට් හා ෆයිනෑන්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස පත් වූ අතර අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවේ සාමාජිකයකු ලෙස සේවය කරන අතරතුරදීම අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ සභාපතිත්වය ද දැරීය. ඔහු මීට වසර කිහිපයකට පෙර කොමර්ෂල් ක්‍රෙඩිට් හා ෆයිනෑන්ස් පීඑල්සී සමාගමේ අනුබද්ධිත සමාගමක් වන ක්‍රෙඩ්ට් ෆයිනෑන්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ සභාපතිත්වය ද දැරීය. සූසපිල්ලේ මහතා හැටන් නැෂනල් බෑන්ක් පීඑල්සී මණ්ඩලයේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු වන අතර එම බැංකුවේ ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවේ සභාපතිත්වය ද හොබවයි. එසේම, බැංකුවේ අනෙකුත් අධ්‍යක්ෂ මණ්ඩල අනුකමිටුවල ක්‍රියාකාරී සාමාජිකයෙකි.  
 

More News..