brand logo

චිත්‍රපට සංස්ථාව සහ පාපන්දු සම්මේලනය කොප් කමිටුව හමුවට

18 April 2021

රජයේ චිත්‍රපට සංස්ථාව සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය යන ආයතන වල ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවන බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා සඳහන් කරයි. මේ අනුව රජයේ චිත්‍රපට සංස්ථාවේ ප්‍රධානීන් මේ මස 20 දා කැඳවීමට නියමිත අතර පාපන්දු සම්මේලනයේ ප්‍රධානීන් ලබන 23 වැනිදා කැඳවීමට නියමිතය. ඒ අනුව එම ආයතනවල සිදුව ඇතැයි කියන දුෂණ හා අක්‍රමිකතා පිළිබඳ ප්‍රශ්න කිරීමට නියමිත බවද කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කරයි.
 

More News..