brand logo

කොන්සියුලර් සේවා හෙට සිට යළි ඇරඹේ

10 November 2020

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා හෙට (11) සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ. විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් අත්හිටුවා තිබූ කොන්සියුලර් අංශයේ ලේඛන සහතික කිරීමේ කටයුතු එලෙස ආරම්භ කළ බවයි. කොන්සියුලර් කටයුතු අංශයට පැමිණීමට පෙර 0112 338 812 දුරකථන අංකය හරහා හමුවීම සඳහා වේලාවක් වෙන් කර ගත යුතු වන අතර, එසේ වේලාවන් වෙන්කර ගත හැක්කේ සතියේ වැඩ කරන දිනවල උදේ 10.00 සිට ප.ව 2.00 දක්වා පමණි. එහෙත් හුදකලා කර ඇති ප්‍රදේශවල පුද්ගලයින්ට එම පරිශ්‍රයට ඇතුළු වීමට අවසර හිමි නොවේ. විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින්ගේ මරණය, වන්දි ගෙවීම්, නැවත මෙරටට ගෙන්වා ගැනීම සහ වෙනත් කාරණා සම්බන්ධ විමසුම් සඳහා කරුණාකර පහත සඳහන් අංක අමතන්න. ෆැක්ස්: +94 112 473 899 විද්‍යුත් තැපෑල: consular@mfa.gov.lk දුරකථන අංක - මරණ +94 112 338 836 +94 113 136 715 +94 776 032 252 +94 773 586 433 +94 718 415 623 +94 701 428 246 වන්දි +94 112 437 635 +94 117 101 193 නැවත මෙරටට ගෙන්වා ගැනීම +94 112 338 837 විවිධ +94 112 338 843
 

More News..