brand logo

කොන්සියුලර් අංශයේ සේවා දෙදිනක් අත්හිටුවයි

08 October 2020

රටේ පවතින තත්ත්වය හමුවේ මහජන එක්රැස් වීම සීමා කිරීම සහ කෝවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා හෙට (08) සහ අනිද්දා (09) දෙදින විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන සියලුම සේවාවන් අත්හිටුවීමට එම අමාත්‍යාංශය තීරණය කර ඇත. විදේශයන්හි ශ්‍රී ලාංකිකයින්ගේ මරණ පිළිබඳ විමසීම්, මරණ සම්බන්ධ ලියකියවිලි සඳහා සහය සහ අපනයන ලේඛන සහතික කිරීම සම්බන්ධ විමසීම් පමණක් කළින් වේලාව වෙන්කරවා ගැනීමේ පදනම මත භාරගන්නා බව විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි. පහත සඳහන් හදිසි ඇමතුම් අංක ඔස්සේ වේලාව වෙන්කරගත හැකිය: විදේශයන්හි සිදුවන මරණ: දුරකථන: +94 (011) 233 8836/ +94 (011) 233 5942 අපනයන ලේඛන සහතික කිරීම: දුරකථන: +94 (011) 2338812
 

More News..