brand logo

කොන්දේ අමාරුවට වැරදි ආහාරත් බලපානවා

25 March 2021

කොන්දේ වේදනාව ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු

පේශීවල අධික ඇදීම හෝ පේශීවල දුර්වලතාව නිසා මාංශපේශීවල වේදනාව කොඳු නාරටියේ අස්ථි අතර තිබෙන අස්ථිමඩල නමැති කොටස ප්‍රදාහ තත්ත්වයක් හෝ ආසාදනය වීමක්, • වකුගඩු ආශ්‍රිත ගල් ඇතිවීම, • අස්ථි කො‌ටසේ සන්ධි ප්‍රදාහය • පැති කුදය • කොඳුඇට පෙළ ළංවීම • අස්ථි ඝනවීම නැතහොත් අස්ථි විකෘති වීම • කොඳුඇට පෙළ ආශ්‍රිතව ඇතිවන පිළිකාමය තත්ත්වයන් මත කොන්දේ වේදනාව ඇතිවීම අතීතයට සාපේක්ෂව වර්තමානය වන විට කොන්දේ වේදනාවට ගොදුරුවන පිරිස ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී. කොන්දේ වේදනාවට විවිධ ප්‍රතිකාර ක්‍රම ඕනෑ තරම් තිබේ. කොන්දේ වේදනාවට වේදනා නාශක භාවිත කර පාලනය කර ගනිමින් බොහෝ කාලයක් සිටින පුද්ගලයන් අප අතර සිටී. මේ අයගේ තුනටියේ කැක්කුම පසුකාලීනව බරපතළ තත්ත්වයකට පත්වෙන අවස්ථාවන් විශාල වශයෙන් දැකිය හැකිවේ. කොන්දේ වේදනාව දැනුණ වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයකුට පෙන්වා ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් මුල් අවස්ථාවේදී රෝගය හඳුනාගැනීම හා අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු කීරීම සිදුකරගත හැකිය. එමගින් සුළු තත්ත්වයන් ඉතා ඉක්මනින් සුව කරගත හැකිවේ.

කොන්දේ වේදනාව ඇතිවීමට හේතු

විස රසායනිකයන් වැඩිපුර යෙදූ ආහාරපාන ලබා ගැනීම - විස සහිත ආහාර ගැනීමෙන් එම විස මාංශපේශී ඉක්මනින් පීඩාවට පත්කිරීමේ හැකියාව පවතී‍. මෙය කොන්දේ වේදනාව ඇතිකිරීමට හේතුවක් වී තිබේ. • ආම්ලිකභාවය වැඩි ජලය • ශරීර ශක්තිය අඩුවීම • වැරදි ඉරියව්වල බොහෝ වේලාවක් සිටීම (වාඩිවෙන ආසනය, වාඩිවෙන වැරදි ඉරියව්ව, වැඩකරන වැරදි ඉරියව්) • යතුරුපැදි නිතර භාවිතයට ගැනීම • වැරදි ආහාර රටාවන් • පෝෂණයෙන් අඩු ආහාර නිතර ගැනීම • ජලය ශරීරයට අවශ්‍ය තරමට නොලැබීම

රෝග ලක්ෂණ

• කොන්ද ප්‍රදේශයේ නිරන්තරයෙන්ම ඇතිවන වේදනාව • ඇවිදින විට පමණක් දැනෙන වේදනාව • කිසියම් කාර්යයක නිරත වන විට පමණක් දැනෙන වේදනාව • කොන්දේ වේදනාවත් සමගම එක් පාදයක් හෝ පාද දෙකම වෙත දිවෙන වේදනාවක් ඇතිවීම • කොන්දේ වේදනාවත් සමග දෙපා හිරිවැටීම ආයුර්වේද පරික්ෂණයන් කීප ආකාරයකට කරන අතර ආයුර්වේදයට අනුව නිල වෙදකමේ එන ස්ථානික පරික්ෂාව සහ වෙනත් පරික්ෂා ක්‍රම මෙන්ම X-Ray, CT, MRI වැනි දියුණු වෛද්‍ය තාක්ෂණික ක්‍රම භාවිත කරමින් පහසුවෙන් රෝගී තත්ත්වය හඳුනාගත හැකිය. දියුණු තාක්ෂණික ක්‍රම නොමැති කාලයේ එවැනි නිල ප්‍රතිකාර මගින් සියලු පරික්ෂාවන් කර ඇත.

ප්‍රතිකාර

• එක් එක් රෝගී තත්ත්වයන් අතර පවතින ලක්ෂණ වෙනස් වේ. ඖෂධ ප්‍රතිකාර, ස්ථානීය ප්‍රතිකාර, රක්ත මෝක්ෂණ ප්‍රතිකාර, තෛල ප්‍රතිකාර, ස්ථානික පත්තු යෙදීමේ ප්‍රතිකාර මේ සඳහා භාවිත කරයි. මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් ඉතා පහසුවෙන් සුව කර ගත හැකි වන නමුත් බොහෝ දෙනකු ප්‍රතිකාර සඳහා යොමු වන්නේ අස්ථි විකෘති වී ඝන වූ අවස්ථාවන්වලදීය. මෙම රෝගී තත්ත්වය සඳහා විශේෂ ප්‍රතිකාර විධි කීපයක් අප විසින් අනුගමනය කිරීම හේතුවෙන් ඉතා අපහසු රෝගීන් පවා ශල්‍යකර්මවලින් තොරව සුව කරගත හැකිය. සටහන - ශ්‍රියානි විජේසිංහ
 

More News..