brand logo

කොන්දේසි විරහිතව ජනපතිට සහාය දෙනවා - මහින්ද අමරවීර

13 February 2020

වංචා දුෂණවලට එරෙහිව ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය පුර්ණ සහය ලබා දෙන බව නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ කුමන දේශපාලන මත පැවතියද ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙල ශක්තිමත් කිරිමට උපරිම උත්සහ කරන බවයි. එහිදි එක්සත් ජනතා නිදහස් සන්ධානය කොන්දේසි විරහිතව ජනාධිපතිවරයාට සහය ලබා දෙන බවද මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. https://youtu.be/yaPRUmI61jc
 

More News..