brand logo

කොන්දේසි කඩන වැලි කැණීම් බලපත්‍රලාභීන් සොයා මෙහෙයුම්

31 January 2019

වැලි කැණීම් සඳහා නිකුත් කර ඇති බලපත්‍ර කොන්දේසී උල්ලංඝණය කරන බලපත්‍රලාභීන් සොයා අද සිට මෙහෙයුම් ආරම්භ කරන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි. ඒ අනුව ලබාදී ඇති බලපත්‍රවල කොන්දේසි උල්ලංඝණය කර ඇති බලපත්‍රලාභීන්ගේ බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරන අතර මෙහි පළමු අදියර පසුගිය ඔක්තෝබර් මාසයේ ක්‍රියාත්මක කර ඇත. මේ වන විට කළු, කැලණි යන ගංඟාවල සහ දැදුරු සහ මා ඔයේ වැලි කැණීම් සඳහා බලපත්‍ර ලබාදීම අත්හිටුවා ඇති බවත් බලපත්‍ර සීමා උල්ලංඝණය කරමින් වැලී කැණීම් කළ ස්ථාන 100 කට අධික සංඛ්‍යාවකට එරෙහිව පසුගිය වසරේ නීතිමය ක්‍රියාමාර්ග ගත් බවත් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි. නීති විරෝධි වැලි කැණීම් සම්බන්ධයෙන් 500 කට අධික පිරිසක් පසුගිය වසරේ අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
 

More News..