brand logo

කොදෙව් සටනට එන්නේ අපේ හොදම ටීම් එක - මාලිංග

03 March 2020

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිව හෙට ආරම්භවන විස්සයි විස්ස තරගාවලියට දැනට ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රීකට් සංචිතයේ සිටින හොදම ක්‍රීඩකයින් 15 දෙනා ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසයි. හෙට තරගය පැවැත්වෙන මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලසිත් මාලිංග පැවසුවේ එක්දින තරගාවලිය 3 ට 0 ලෙස ජය ගැනිමත් සමග කණ්ඩායම ජයග්‍රාහි මානසිකත්වයෙන් විස්සයි විස්ස තරගාවලියට එක්වන බවයි. නව පුහුණුකරුවන් සමග සිදුකරන පුහුණුවීම් සමග සියලුම ක්‍රීඩකයින් ඔවුන්ගේ සුපුරුදු දක්ෂතා අතරට පැමිණ ඇති බවයි මාලිංග පවසන්නේ. ක්‍රීඩකයින්ගේ ශරීර යෝග්‍යතාව පිළිබද මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු දෙමින් ලසිත් මාලිංග පැවසුවේ හැම ක්‍රිඩකයෙක්ම හොද ශරිර යෝග්‍යතාවකින් පසුවන බවයි. හෙට තරගය ජය ගැනිමට ද එය වඩාත් වැදගත් වන බව ලසිත් මාලිංග සඳහන් කළා. එක්දින තරගාවිලය පරජාය වුවද බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම දෙස කිසිවිටක අවතක්සේරු කළ නොහැකි බවයි ශ්‍රී ලංකා නායකයා පවසන්නේ. එක් එක් ක්‍රීඩකයා තරගය තුල දක්වන දක්ෂතා මත තරගයේ ජය පරාජය තීරණය වනු ඇති බවයි මාලිංගගේ මතය වන්නේ. මේ අතර එලඹෙන ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම පවතින සුදානම සම්බන්ධයෙන් ද මෙහිදී මාධ්‍යවේදින් ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකයාගෙන් විමසීමක් කළා. ලෝක කුසලානයට තවමත් සුදානම් වෙමින් පවතින බවත් ඉදිරියේ කණ්ඩායම ක්‍රීඩා කරන තරගාවලි තුන හතර ඇතුලත හොද කණ්ඩායමක් තෝරා ගැනිමට හැකි වනු ඇති බව ද ලසිත් මාලිංග සඳහන් කළා.   https://youtu.be/w3O4f4N23Xk?t=25
 

More News..