brand logo

කොදෙව් - ශ්‍රී ලංකා දෙවන ටී-20 තරගය හෙට

05 March 2021

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය හෙට (06) පැවැත්වීමට නියමිතයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (06) අළුයම 3.30ට ඇන්ටිගුහා හි කූලිජ් පිටියේ ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. දෙරට අතර පැවති පළමු තරගය කොදෙව් කණ්ඩායම විසින් ජයගත් අතර, ඒ අනුව තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ 1ට 0ක් ලෙස කොදෙව් කණ්ඩායම ඉදිරියෙන් සිටියි. හෙට (06) දිනයේ ක්‍රීඩාකරනු ඇති බවට අනුමාන කරන කණ්ඩායම් දෙක ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් නම් කර තිබේ. Sri Lanka (possible): 1 Niroshan Dickwella 2 Danushka Gunathilaka, 3 Pathum Nissanka, 4 Dinesh Chandimal, 5 Angelo Mathews (capt), 6 Thisara Perera, 7 Wanindu Hasaranga, 9 Ashen Bandara, 10 Dushmantha Chameera, 11 Nuwan Pradeep West Indies (possible): 1 Lendl Simmons, 2 Evin Lewis, 3 Chris Gayle, 4 Nicholas Pooran (wk), 5 Kieron Pollard (capt), 6 Jason Holder, 7 Dwayne Bravo, 8 Fabian Allen, 9 Kevin Sinclair, 10 Obed McCoy, 11 Fidel Edwards
 

More News..