brand logo

කොදෙව් විස්සයි විස්ස පිලට අලුතෙන් 6ක්

25 February 2020

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා නම්කර තිබෙන බටහිර ඉන්දීය කොදෙව් පිලට තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩෘ රසල් ඇතුළු එක්දින කණ්ඩායමට ඇතුළත් නොවූ ක්‍රීඩකයන් හය දෙනෙක් ඇතුළත්ව තිබේ. ඒ අයුරින් විස්සයි විස්ස කණ්ඩායමට අලුතින් ඇතුළත් සෙසු ක්‍රීඩකයන් අතර ඩ්වේන් බ්‍රාවෝ, ශිම්රන් හෙට්මයර්, ලෙන්ඩල් සිමන්ස්, ඔශේන් තෝමස් සහ කෙස්රික් විලියම්ස් වේ. කොදෙව් කණ්ඩායම කිරන් පොලාඩ් (නායක), ෆැබියන් ඇලන්, ඩ්ඩේන් බ්‍රාවෝ, ශෙල්ඩන් කොටේ‍රල්, ශිම්රන් හෙට්මයර්, ශායි හෝප්, බ්‍රැන්ඩන් කින්, නිකොලස් පූරන්, රෝව්මන් පවෙල්, ඇන්ඩෘ රසල්, ලෙන්ඩල් සිමන්ස්, ඔශේන් තෝමස්, හෙයිඩ්න් වොල්ෂ්, කෙස්රික් විලියම්ස්
 

More News..