brand logo

කොදෙව්වන් පරාජයට පත් කරමින් බංග්ලාදේශය දෙවන T20 තරඟය ජයගනී

21 December 2018

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජයට පත්කරමින් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 36කින් දෙවන පන්දුවාර විස්ස තරඟය ජය ගැනීමට සමත්ව තිබෙනවා. මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීම සදහා බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව ඩකා පිටියට පැමිණි බංග්ලාදේශ පිතිකරුවන් කඩුළු 4ක් දැවී ලකුණු 211ක් රැස්කර ගැනීමට සමත් වුණා එහිදී ලිටොන් ඩාස් සුපිරි හයේ පහර 4ක් සහ හතරේ පහර 6ක් සමග ලකුණු 60 ලබාගැනීමට සමත් වුණා. අනතුරුව පිටියට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු දෙකකදී සියලුදෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 175ක් පමණයි. පන්දු යැවීමේදී ශකීබ් අල් හසන් කඩුළු 5ක් දවාගැනීමට සමත් වුණා. තරඟයේ වීරයා බවට පත්වූයේ ශකීම් අල් අසන්. පන්දුවාර විස්ස තරග තුනකින් සමන්විත මෙම තරඟාවලිය 1ට 1ක් ලෙස ජයගෙන කණ්ඩායම් දෙක සමතත්ත්වයෙ පසුවනවා.
 

More News..