brand logo

කොදෙව්වන් පරදවා බංග්ලාදේශය කඩුළු 7කින් තරගය ජයගනී

18 June 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැති තරගය කඩුළු 7කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 8ක් දැවී ලකුණු 321ක් ලබාගත්තේය. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ෂායි හෝප් ලකුණු 96ක් ලබාගැනීමට සමත්විය. අනතුරුව පිටියට පැමිණි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 41යි පන්දු 3කදී කඩුළු 3ක් දැවී ලකුණු 322ක් රැස්කර ගෙන තරගයේ ජය වාර්තා කළේය. බංග්ලාදේශය වෙනුවෙන් සුපිරි පිතිහරඹයක නිරත වූ ශකීබ් අල් හසන් පන්දු 99කදී හතරේ පහර 16ක් සමග ලකුණු 124ක් රැස්කර ගැනීමට සමත් විය. ඊට අමතරව ලිටුන් ඩාස් පන්දු 69කදී දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 8ක් සමග ලකුණු 94ක් රැස්කර ගැනීමට සමත් විය. ඒ අනුව තරගයේ වීරයා සම්මානය ශකීබ් අල් හසන්ට හිමිවිය.
 

More News..