brand logo

කොදෙව්වන් පරදවා ඉන්දීය කණ්ඩායම දෙවන එක්දින තරගය ජයගනී

12 August 2019

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන එක්දින තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 59කින් ජය ගැනීමට ඉන්දියාව සමත් විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළූ 7ක් දැවී ලකුණු 279ක් රැස්කර ගත්තේය. ඉන්දීය පිල වෙනුවෙන් නායක විරාට් කෝලි ලකුණු 120ක් රැස්කර ගැනීමට සමත් විය. තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීමත් සමග තරගය පන්දුවාර 46කට සීමා විය. ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 42කදී සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 210ක් පමණීයි. කොදෙව්වන් වෙනුවෙන් ලුවිස් ලකුණු 65ක් ලබාගත්තේය. ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ලකුණු 59ක ජයක් හිමිවිය.
 

More News..