brand logo

කොදෙව්වන් පරදවා ඉන්දියාව පන්දුවාර විස්ස තරගාවලිය ජයගනී

05 August 2019

ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පන්දුවාර විස්ස තරගාවලිය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබේ. ඒ තරග 2ට 0ක් ලෙසයි. පන්දුවාර විස්ස තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරග දෙකම ඉන්දියාව ජයගත් අතර දෙරට අතර තෙවන තරගය හෙට පැවැත්වීමට නියමිතයි. දෙරට අතර ඊයේ පැවැති දෙවන පන්දුවාර විස්ස තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 167ක් රැස්කර ගත්තේය. එහිදී රෝහිත් ශර්මා ලකුණු 67ක් ලබාගැනීමට සමත් විය. අනතුරුව පිටියට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 3කදී කඩුළු 4ක් දැවී ලකුණු 98ක් රැස්කර ගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය නතර කිරීමට සිදුවිය. ඒ අනුව ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ඉන්දීය කණ්ඩායමට ලකුණු 22ක ජයක් හිමිවිය.
 

More News..