brand logo

කොදෙව්වන් ඉදිරියේ පාකිස්ථානයට අන්ත පරාජයක්

01 June 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ඊයේ පාකිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත් විය. ඉන් කඩුළු 7ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායක ජේසන් හෝල්ඩර් පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පැමිණි පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 21යි පන්දු 4කදී සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 105ක් පමණියි. කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළේ ෆකහාර් සමාන් සහ බාබර් අසාම් ය. ඔවුන් දෙදෙනා ලකුණු 22 බැගින් රැස්කර ගත්තේය. පන්දු යැවීමේදී ඔෂේන් තෝමස් කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය. අනතුරුව පිටියට පැමිණි කොදෙව් පිතිකරුවන් පන්දුවාර 13යි පන්දු 4කදී කඩුළු 3ක් පමණක් දැවී ලකුණු 108ක් ලබාගෙන තරගයේ ජය වාර්තා කළේය. පන්දුවට පහරදීමේදී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ක්‍රිස් ගේල් පන්දු 34කදී දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් ද සමග ලකුණු 51ක් ලබාගත්තේය. පන්දු යැවීමේදී පාකිස්ථානය වෙනුවෙන් මොහොමඩ් අමීර් කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.
 

More News..