brand logo

කොදෙව්වන්ට එරෙහි පුහුණු තරගයේ ජය ශ්‍රී ලංකාවට

18 February 2020

සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවති පුහුණු එක්දින ක්‍රීකට් තරගය කඩුලු 2 කින් ජය ගන්නට ශ්‍රී ලංකා ක්‍රීකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 50 තුල ලකුණු 282 ක් රැස් කළා. කොදෙව් ඉනිම වෙනුවෙන් ඩැරන් බ්‍රාවෝ ලකුණු 100 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා ක්‍රීකට් සභාපතිවරයාගේ කණ්ඩායම පන්දුවාර 47 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 283 ක් ලබා තරගය ජය ගත්තා. නායක උපුල් තරංග ලකුණු 120 යි. අසේල ගුණරත්න ලකුණු 64 ක් ලබා ගත්තා.
 

More News..