brand logo

කොදෙව්වන්ට එරෙහි පළමු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

22 February 2020

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු එක්දින ක්‍රීකට් තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු යැවීමට තීරණය කර තිඛේ. තරගය පැවැත්වෙන්නේ කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේදියි. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් සහ කොදෙව් කණ්ඩායම කීරන් පොලාඩ්ගේ නායකත්වයෙන් අද තරගයට එක්වනවා. මේ අතර ඊයේ ආරම්භ වු ජාත්‍යන්තර විස්සයි විස්ස කාත්නා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද පැවැත්වෙනවා. ඒ නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිවයි. පර්ත්හිදීයි තරගය පැවැත්වෙන්නේ. ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4 යි 30 ට ආරම්භ වීමට නියමිතයි.
 

More News..