brand logo

කොටුව සිට මාලඹේ දක්වා සැහැල්ලු දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට ජපානයෙන් ණය ආධාර

12 March 2019

කොළඹ කොටුව සිට මාලඹේ දක්වා සැහැල්ලු දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට අමෙරිකානු ඩොලර් මිලියන 1850ක ණය ආධාරයක් ලබාදීමට ජපානය එකගතාව පල කර ඇත. කොළඹ නගරයේ සහ ඒ ආශ්‍රිතව පවතින දැඩි රථ වාහන තදබදයට විසදුමක් ලෙස මෙම සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතිය ස්ථාපනය කිරීමට නියමිත අතර කොළඹ කොටුව සිට මාලඹේ දක්වා දුම්රිය ස්ථාන 16කින් සමන්විත කිලෝමීටර් 17ක් පමණ දිගින් යුත් මෙම දුම්රිය මාර්ග ව්‍යාපෘතියට මූල්‍ය හා තාක්ෂණික ආධාර සැපයීමට ජපානයේ ජයිකා ආයතනය ඉදිරිපත් වී ඇත. මෙම ණය මුදල අදියර 6ක් යටතේ ලබාදිමට නියමිත අතර පළමු අදියර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 260ක මුදලක් ලබාදීමට නියමිතව ඇත. ජපාන රජය විසින් සියයට බින්දුවයි දශම එකක සහන වාර්ෂික පොලී මත ලබාදෙන මෙම ණය මුදල අවුරුදු 12ක සහන කාලයක් සහිතව වසර 40කින් ආපසු ගෙවීමට නියමිතව ඇත. එහි වැඩකටයුතු මේ වසර තුළ ආරම්භ කිරීමට නියමිතය.
 

More News..