brand logo

කොටි මාලතියට හමුදාවෙන් සෙවනක්

27 July 2020

කොටි ත්‍රස්තවාදී සංවිධානයේ මාලතී බලකායේ කටයුතු කළ හිටපු එල් ටී ටී ඊ සාමාජිකාවක් සදහා නව නිවසක් සදා දීම සදහා යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ රණවිරුවන් විසින් කටයුතු ආරම්භ කොට තිබේ. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් රුවන් වනිගසුරිය මහතාගේ මග පෙන්වීම යටතේ යාපනය අර්ධද්වීපය තුළ සිටින අඩු ආදයම්ලාභීන්ගේ ජීවන තත්වය උසස් කිරීම අරමුණු කොටගෙන විශාල නිවාස සංඛ්‍යාවක් මේවන ඉදි කොට ඇති අතර එහි එක් පියවරක් වශයෙන් මෙම නිවස ඉදි කරනු ලබයි. ඒ අනුව මෙම කාන්තාව සිය ජීවිතය ත්‍රස්ත සංවිධානයක අවශ්‍යතා වෙනුවෙන් කැප කොට අන්ත අසරණ තත්වයක සිටි අතර ඒ පිළිබදව යුධ හමුදා අවධානය යොමු කිරීමෙන් අනතුරුව මෙයට මුල්‍ය දායකත්වය ලබා දීමට ධානපතීන් සම්බන්ධ කරමින් යුධ හමුදාව විසින් පුර්ණ ශ්‍රම දායකත්වය ලබා දෙමින් මෙම නිවස ඉදි කිරීම සදහා කටයුතු ආරම්භ කරන ලදි.   කිත්සිරි ප්‍රසන්න
 

More News..