brand logo

කෝටියක වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්රැම් 80ක් සමඟ අයෙක් මාට්ටු

25 October 2019

යාපනය කන්කසන්තුරය ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්රැම් 80 ක් සමඟ සැකකරුවෙකු ඊයේ(24) අත්අඩංගුවට ගත් බව කන්කසන්තුරය ‍ පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ කන්කසන්තුරය‍ පොලිස් රථ වාහන පොලිස් නිළධාරීන් සැක කටයුතු වාහනයක් පරීක්ෂා කිරීමේදී අදාළ ගංජා තොගය සොයාගෙන ඇති බවයි. දකුණු ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් ගෙනා රුපියල් කෝටියක පමණ වටිනා කේරළ ගංජා තොගය ප්‍රවාහනය කරමින් සිටියදි අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇති අතර, මෙහෙයුම සිදුකරන අවස්ථාවේ සැකකරුවෙකු පැනගොස් තිබිණ. අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 ක් වන පුද්ගලයෙකු වන අතර, සැකකරු හා ගංජා තොගය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් කන්කසන්තුරය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. වවුනියාව මාධව කුලසූරිය
 

More News..