brand logo

කොට්ටාව හොරණ පාරේ සතොසේ භාණ්ඩ හොර පාරෙන් එළියට

23 April 2020

කොට්ටාව හොරණ පාරේ පිහිටි ලංකා සතොස ආයතනයේ ඇති පරිප්පු ඇතුලු භාණ්ඩ කිහිපයක් හිතවතුන්ට ලබා දෙන බව ප්‍රදේශවාසීන් චෝදනා කරයි.
භාණ්ඩ ලබා ගැනිමට උදෑසන විවෘතව තබා ඇති කොට්ටාව සතොස ශාකාව අසල ඇඳිරි නීති අවසර පත් හිමි පිරිසක් රැදී සිටියද ඔවුන්ට භාණ්ඩ ලබා නොදි පිටතින් පැමිණි පුද්ගලයින් කිහිප දෙනෙකුට සතොස ශාකාවට ඇතුලු වනු දකින්නට ලැබිණ.
අදාල පුද්ගලයින් සතොස ශාකාවේ සේවකයින් නොවන අතර ඒ පිළිබද විමසීමේදී කොට්ටාව සතොස ශාකාවේ සේවකයෙකු තර්ජනය කරමින් පැවසුවේ අද දින කොට්ටාව සතොස ශාකාව වසා ඇති බවයි.
 අත්‍යාවශ්‍ය සේවා සඳහා ද සතොසින් භාණ්ඩ ලබා දීම පොලිසිය විසින් නතර කරන ලෙස දැනුම් දුන් බව ද එම සේවකයා වැඩිදුරටත් පැවසීය. පරිප්පු කිලෝවක් රුපියල් 65 ක මුදලකට සහ සුදු කැකුලු සහල් කිලෝවක් රුපියල් 85 ක මුදලකට සතොස මගින් නිකුත් කරයි.
මේ හේතුවෙන් හිතවත් ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකුට මෙලෙස එම මුදලට සහල් සහ පරිප්පු ලබා දී ඇති බවත් ඔවුන් ඒවා වැඩි මිලට ඔවුන්ගේ වෙළදසැල් තුල අලෙවි කරන බව වාර්තා වෙයි.
මේ පිළිබද විමසීමට කොට්ටාව සතොස ශාකාවේ කළමණාකාරිය සම්බන්ධ කර ගැනිමට උත්සහ කළද ඇය ඊට කිසිදු ප්‍රථිචාරයක් නොදැක්විය.
 

More News..