brand logo

කොටස් වෙළෙඳපොළෙන් වාර්තාවක්

03 October 2020

‘සුපිරි සැප්තැම්බරයක්’ (Super September) ලෙස වාර්තා තබමින් කොළඹ කොටස් වෙළෙඳපොළේ පසුගිය මාසයේ ලාභය වසර අටක් තුළ වාර්තා වූ ඉහළම අගය සටහන් කර ඇත. 2012 වර්ෂයෙන් පසුව මෙම ඉහළම ලාභය වාර්තා කර ඇත්තේ කොටස් වෙළෙඳපොළෙ සියලු කොටස් මිල දර්ශක (ASPI) සැප්තැමබර් මාසය තුළ සියයට දොළහයි දශම තුනක වර්ධනයක් ප්‍රදර්ශනය කරමිනි. සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ වාර්තාවන්ට අනුව කොවිඩ්-19 වසංගතයෙන් අනතුරුව පසුගිය මැයි මාසයේ අග සිට (2020 මැයි) සැප්තැම්බර් මස අවසානය දක්වා කොටස් වෙළෙඳපොළේ වර්ධනය 23%ක් තරම් ඉහළ අගයකි. මේ අතර ලොව අංක එකේ ආර්ථික ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන මූඩීස් විසින් පසුගිය බදාදා (සැප්තැම්බර් 30) සිදුකළ ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වලින් පහත හෙළීම නොතකා මාසයේ අවසාන සැසිවාර දෙකේදී කොටස් වෙළෙඳපොළේ ආයෝජකයන් ඉහළම ලංසු තැබීම සිදුකර ඇත. සැප්තැම්බරයේ වඩාත්ම ක්‍රියාකාරී වී ඇති එස්. ඇන්ඩ් පී.එස්.එල්. 20 (S & P SL20) දර්ශකය 4.39%කින් වර්ධනය වී තිබේ. සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව පසුගිය සතියේ අනාවරණය කළ ආකාරයට 2020 මැයි 11 වැනිදා කොවිඩ්-19 අර්බුදයෙන් කොටස් වෙළෙඳපොළ නැවත විවෘත කිරීමෙන් අනතුරුව සියලු කොටස් මිල දර්ශකය සියයට තිස් එකකින් සහ එස්. ඇන්ඩ් පී. දර්ශකය සියයට විසි හතකින් ඉහළ ගොස් ඇත. නයන තරංග ගමගේ
 

More News..