brand logo

කොටගල බල ප්‍රදේශයෙන් නව ආසාදිතයන් පිරිසක්

14 December 2020

හැටන් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයන් 6දෙනෙකු හඳුනාගෙන තිබේ. අද(14) දින ලැබුන PCR වාර්තා අනුව ආසාදිතයන් පිරිස හඳුනා ගත්බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කර තිබේ. තලවකැලේ වටගොඩ ,ග්‍රේට්වෙස්ටර්න් , හොලිරුඩ් , හැටන් කොටගල ඩ්‍රෙටන් , ස්ටොනික්ලිප් සහ ක්‍රිස්වස්ෆාම් යන ප්‍රදේශවලින් එම ආසදිතයන් හමුවී ඇත. ගිනිගත්හේන කළුගල පොලිස් මුරපොල අසල අහඹු පරීක්ෂණය කින් හඳුනා ගත් ආසාදිතයන්ගේ ලඟම ආසාදිතයන් ලෙස මෙම පිරිස සොයාගෙන තිබේ. තවද එම සොයාගත් ආසාදිතයන් 6දෙනාගේ ලඟම ආශ්‍රිතයන් ද PCR පරීක්ෂණයට ලක්කර ඇත. මේ අතර මස්කෙලිය සහ බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශවලට අයත් හැටන් පොලිස් බල ප්‍රදේශයේ පෝඩයිස් වතුයායෙන් සහ හැටන් දික්ඔය වනරාජා වත්තෙන් කොවිඩ් ආසාදිත කාන්තාවන් දෙදෙනෙකුද අද (14) හඳුනා ගෙන තිබේ.
 

More News..