brand logo

කොටගල පාසලක් අසල තිබී වෙඩි බෙහෙත් සොයාගැනේ

07 May 2019

කොටගල සිංහල පාසල අසල කැලි කසල බැහර කරන ස්ථානයක තිබි වෙඩි බෙහෙත් සොයාගැනේ.නිවාස පරික්ෂා කරන නිසා කිසියම් පිරිසක් වෙඩි බෙහෙත් ගෙනවිත් දමන්නට ඇතිබව දිඹුල පොලිසිය සැකකරයි නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන හැටන් කොටගල සිරි පැරකුම් සිංහල විදුහල අසල කැලි කසල බැහර කරන ස්ථානයේ තිබි වෙඩි බෙහෙත් කිලෝ 1 ක් පමණ ඊයේ (06) උදැසන සොයාගත් බව දිඹුල පොලිසිය පැවසිය. සිරි පැරකුම් සිංහල විදුහල සහ අවට පරිසරය පිවිසෙන මාර්ගය ප්‍රදේශවාසින් විසින් සුද්ද පවිත්‍ර කරන අවස්තාවේ කැලි කසල ගොඩේ තිබි මෙම වෙඩි බෙහෙත් හමු වු බවත්, කොටගල අවට යුධ හමුදාව සහ පොලිසිය එකාබද්ධව සොදිසි මෙහෙයුම් සිදු කරන නිසා වෙඩි බෙහෙත් මෙම කැලි කසල බැහැර කරන ස්ථානයට කිසියම් කෙනෙකු විසින් ගෙනවිත් දමන්නට ඇති බව දිඹුල පොලිසිය සැකකරන්නේ. සිරි පැරකුම් විද්‍යාලය ආසන්නයේම කොටගල ඛනිජ තෙල් නිතිගත සංස්ථා ගබඩා සංකිර්ණයද පිහිටා තිබේ. කැලි කසල ගොඩේ තිබි හමු වු වෙඩි බෙහෙත් ගල් කොරිවල භාවිතයට ගන්නා වෙඩි බෙහෙත් බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන දිඹුල පොලිසිය සැකකරන්නේ.
 

More News..