brand logo

කොටගල කහට රසයෙන් අගනා ස්කූටරයක් !

03 October 2020

ජීවන ගමනේ රසමුසු තැන් උණුසුම් තේ කෝප්පයකින් රසගන්වාගෙන ඒ සමග එදිනෙදා ගමන් බිමන් කටයුතු පහසුකරගන්නට උපකාරීවන වටිනා ස්කූටරයක් ඔබට නොමිලේ හිමිකරදෙන්නට ශ්‍රී ලාංකීය ජනතා ගෞරවාදරයට පාත්‍රවූ විශිෂ්ට තේ සන්නාමයක් වන “කොටගල කහට” සූදානම් වේ. ශ්‍රී ලාංකික රසවතුන් වෙත කවදත් උසස් තත්ත්වයේ තේ රසය නොවෙනස්ව සමීපකරන “කොටගල කහට” සිය පාරිභෝගික ප්‍රජාව වෙත සිය කෘතවේදීත්වය පළකරමින්, අඛණ්ඩව 5 වැනි වරටත් “කොටගල කහට - රස වාසනා” පාරිභෝගික ප්‍රණාම ප්‍රවර්ධන වැඩසටහන 2020 වසරේදීත් පැවැත්වෙන බව පසුගියදා නිවේදනය කෙරිණ. 2020 සැප්තැම්බර් මස 24 වැනිදා සිට නොවැම්බර් මස 22 වැනිදා දක්වා පැවැත්වෙන “කොටගල කහට - රස වාසනා” 2020 ප්‍රවර්ධන වැඩසටහන සඳහා ඇතුලත් වීම සඳහා නම, ලිපිනය සහ දුරකතන අංකය සඳහන් කළ ඕනෑම ප්‍රමාණයේ කොටගල කහට ඇසුරුමක්, තැපැල් පෙට්ටිය 161, කොළඹ යන ලිපිනයට එවිය යුතුය. ප්‍රවර්ධන වැඩසටහන පැවැත්වෙන කාල සීමාව තුළ සංගීත රසය සමග වින්දනාත්මක අත්දැකීමක් ඔබ හා බෙදාගනිමින් කොටගල කහට ප්‍රචාරක රථය දිවයින පුරා නගර 112 ක සංචාරය කරනු ලබන අතර එම ප්‍රචාරක රථයටද අයැදුම්පත් භාරදිය හැක. මෙවර ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන් වෙත වටිනා ස්කූටර් 10ක් පිරිනැමේ.
 

More News..