brand logo

කොටගල එකම පවුලේ හයකට කොරෝනා

05 March 2021

කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ එකම පවුලේ හයදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරු වී තිබේ. කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පැවසුවේ හැටන් පුලියාවත්ත ප්‍රදේශයේ හදුනාගත් කොවිඩ් ආසාදිතයකුගේ ආශ්‍රිතයින් ලෙස හදුනාගෙන නිරෝධායනයට යොමු කළ පිරිසක් බවයි. ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂාවන් කිරීමෙන් අනතුරුව කොවිඩ් ආසාදිත බව මෙලෙස හදුනාගෙන තිබේ. එම කොවිඩ් ආසාදිතයින් පිරිස ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.
 

More News..