brand logo

කොච්චිකඩේ දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි වෑන් රථයේ හිමිකරු අත්අඩංගුවට

15 May 2019

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ බෝම්බ කරු පැමිණී වෑන් රථය මිලට ගෙන එහි ආසන සකස් කළ පුද්ගලයා පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. නව කාත්තන්කුඩි ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේය. අප්‍රේල් 21 වැනිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කිරීම සඳහා බෝම්බකරු පැමිණි බව සැලකෙන වෑන් රථය දේවස්ථානය අසල නතර කර තිබියදී පොලිසිය සොයාගෙන ආරක්ෂිතව පුපුරුවා හැරීමට පොලිස් විශේෂ කාර්යබලකායේ බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ නිලධාරීන්ට හැකි විය.
 

More News..