brand logo

කොග්ගල හෝටලයක සිටි 24කට කොවිඩ්

20 October 2020

කොග්ගල හෝටලයක් තුල පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටින මිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ද ආශ්‍රිතයින් අතුරින් පුද්ගලයින් 24 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇත. අද (20) දින ලැබුණු PCR වාර්තවලින් තහවුරුවි ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා සඳහන් කරනවා. එම කොවිඩ් ආසාදිතයන් අතර පිරිමි පුද්ගලයින් 12 දෙනෙකු කාන්තාවන් 09 දෙනෙකු හා පිරිමි දරුවන් 03 නෙකු සිටින බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා සඳහන් කරයි. (19) දින මෙහි නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් 272 දෙනෙකුගේ PCR පරික්ෂණ සිදුකර ඇති අතර ඉන් 24 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. ආසාදිත රෝගින් වැඩිදුර ප්‍රථිකාර සදහා රෝහල්වෙත රැගෙන යාමට නියමිතව ඇත.
 

More News..