brand logo

කොග්ගල වෙළඳකලාපයේ කොවිඩ් ආසාදිත පිරිසක් හඳුනාගනී

18 April 2021

කොග්ගල නිදහස් වෙළද කලාපයේ ඇගලුම් කම්හලක කොවිඩ් ආසාදිත සේවිකාවන් හය දෙනෙකු හඳුනා ගෙන තිබෙන බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කරයි. මොවුන් කහවැන්නගම, නාකන්ද, වැවිලිහේන, වැලිපිටිය සහ ගාල්ල යන ප්‍රදේශවල පදිංචි ඇඟලුම් කම්හලක සේවිකාවන් බව පැවසෙයි. එම ආසාදිත සේවිකාවන් ප්‍රතිකාර සදහා රෝහල්ගත කිරිමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පියවර ගෙන තිබෙන අතර ආසාදිතයින්ගේ පවුල්වල සාමාජිකයින් 40 දෙනෙක් නිරෝධායනය සඳහා යොමුකර ඇත.
 

More News..