brand logo

කොග්ගල නිරෝධායනයේ 34කට කොවිඩ්

08 October 2020

හබරාදුව කොග්ගල ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටින මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවක සේවිකාවන් 34 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව ඊයේ(07) රාත්‍රියේ තහවුරු විය. සංචාරක හෝටලයේ මිනුවන්ගොඩ ඇගලුම්කම්හලේ සේවක සේවිකාවන් 300 දෙනෙකු පමණ නිරෝධායනය වෙමින් සිටින අතර අවොන් අතරින් මෙම 34දෙනා ආසාදිතයින් බව තහවුරු විය. කොරෝනා වෛරසය ආසාදනය වි ඇති අය අතර පිරිමි 05 දෙනෙකු හා කාන්තාවන් 29 දෙනෙකු සිටින අතර ඔවුන් රෝහල්ගත කිරිමට පියවර ගත් බව සෞඛ්‍ය බලධාරීන් පවසයි. කොරෝනා අසාදනය වි ඇති බවට තහවුරුවු රෝගින් 13 දෙනෙකු නෙවිල් ප්‍රනාන්දු රෝහලටත්, 05 දෙනෙකු හම්බන්තොට රෝහලටත්, කාන්තන්කුඩි රෝහලට 04 දෙනෙකු මුල්ලෙරියාව රෝහලට එක් අයෙකු අයි.ඩි.එච් රෝහලට 02 දෙනෙකු, 09 දෙනෙකු කඹුරුගමුව රෝහලවෙත පිටත්කර යැවිමට කටයුතු කර ඇත.
 

More News..