brand logo

කොග්ගල නිදහස් වෙළඳ කලාපයෙන් කොවිඩ් ආසාදිත පිරිසක්

18 January 2021

    අද (18) දින කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේ දී කර්මාන්ත ශාලාවලින් තවත් සේවක සේවිකාවන් 15 දෙනෙක් කෝවිඩ් ආසාදිතයන් බව තහවුරු වූ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා සඳහන් කර ඇත. එසේම එම කොග්ගල කලාපයේ කෝවිඩ් ආසාදිත සේවක සේවිකාවන් සංඛ්‍යාව 90 දක්වා ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කරනවා. තවද ඉකුත් 10 දින මෙම කලාපයේ එක් කර්මාන්ත ශාලාවක සේවකයෙක් සහ සේවිකාවක් කෝවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත. එසේම ඉකුත් දින 8 තුළ දී මෙම කර්මාන්ත පුරයේ කර්මාන්තශාලා පහක් වෙත දැනට පැතිර තිබේ.
 

More News..