brand logo

කොග්ගල ධීවරයෝ උද්ඝෝෂණයක

28 September 2018

කොග්ගල ධීවර තොටුපොළ ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලමින් හබරාදූව කොග්ගල සිංහගම ධීවරයෝ සිංහගම දී ගාල්ල මාතර මාර්ගය අවහිර කරමින් අද (28වැනිදා) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වූහ. උද්ඝෝෂණය හේතුවෙන් ගාල්ල මාතර මාර්ගයේ එක් මංතීරුවක් සම්පූර්ණයෙන්ම අවහිර වූ අතර උද්ඝෝෂකයන් පැවසුවේ තොටුපොළ වසර 50ක් පුරා අලුත්වැඩියා කර නොමැති බවයි. ඔවුහු වැඩිදුරටත් පැවසුවේ දේශපාලකයන් බොරු පොරොන්දු දී බලයට පත්වන බවත් ඡන්දයක් ලංවන අවස්ථාවන්වලදී තොටුපොළ අලුත්වැඩියා කරන බවට පොරොන්දු දෙමින් තමන්ගේ ඡන්ද මංකොල්ල කන බවත්ය.
 

More News..