brand logo

කොකේන් සමඟ මත්ද්‍රව්‍ය භාවිතා කරන මන්ත්‍රීවරුන් 24කගේ තොරතුරු කථානායකට හා CID යට භාරදුන්නා - රන්ජන්

19 February 2019

කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන ඇමතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 24 දෙනෙකුගේ තොරතුරු තමන් කතානායකවරයාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඊයේ(18) ප්‍රකාශ කළේය. කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ද කොකේන් ආදී මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් අතර සිටින බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ගේ කාර්ය මණ්ඩල සඟයන් මෙන්ම මෙරට ඉහළ රැකියා කරන ඇතැමුන්ද එම මත්ද්‍රව්‍ය භාවිත කරන බව සඳහන් කළ අතර පරීක්ෂණවලට බාධාවක් නිසා තමන් එම නම් හෙළි නොකරන බව ද රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කළේය. රන්ජන් රාමනායක මහතා මේ බව පැවසුවේ මාදිවෙල පිහිටි සිය මන්ත්‍රී නිල නිවසේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ හැසිරුණු ආකාරය දුටු විට ඔවුන් කුමන හෝ මත්ද්‍රව්‍යයක් ගෙන ඇත්ද යන සැකය තමාටත් ඇතිවූ බව කතානායකවරයා තමන්ට පැවසූ බව ද රාමනායක මහතා ප්‍රකාශ කළේය.
 

More News..