brand logo

කොකේන් භාවිතා කරන මන්ත්‍රීවරැන් 24 දෙනාගේ නම් හෙළිකරන්න - මහින්ද

21 February 2019

මත්ද්‍රව්‍ය භාවිතා කරනවාද යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් 225 දෙනාගේම පරීක්ෂණයක් කිරීම අනවශ්‍ය බවත් කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කරන බව පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් 24 දෙනාගේ නම් හෙළිකර ඔවුන්ගේ පමණක් රැධිරය පරීක්ෂා කර බලන ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියි. කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් 24 ක් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මාධ්‍ය වෙත සිදුකර තිබු ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ (20) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂනායකතුමා මෙ බව පැවසිය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පාර්ලිමේන්තුවේ හැමෝම රැධිර පරීක්ෂා කරන්න යන්න ඕන නැහැ. මොකද ජිවිතේට කොකේන් දැකලා නැති අයත් ඉන්නවා. ඒ නිසා මුලින්ම මේ 24 දෙනා හෙළි කරලා ඒ අයගේ පරීක්ෂණයක් කරන්න. එහෙම නොවුණොත් ලොකු අපරාධයක් වෙනවා යනුවෙනි.
 

More News..