brand logo

කේරළ ගංජා සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

04 December 2018

යාපනය සිට කොළඹ දක්වා බස් රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයින් තිදෙනෙකු අද(04) අලුයම අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ වවුනියාව නොච්චිමොටෙයි ප්‍රදේශයේදී සිදුකළ හදිසි සෝදිසි කිරීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවු බවයි. සැකකරුවන් සතුව කේරළ ගංජා කිලෝග්රැමක් සොයාගත් අතර සැකකරුවන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..