brand logo

කේරළ ගංජා කිලෝග්රැම් 112 ක් ‍සොයාගනියි

01 August 2019

යාපනය,මාදගල් වෙරළ තීරයේ තිබි කේරළ ගංජා කිලෝග්රැම් 112 ක් නාවික හමුදාව විසින් සොයාගෙන පොලිසිය වෙත ඊයේ(31) භාරදුන් බව යාපනය ඉලවාලෙයි පොලිසිය පවසයි. ‍පොලිසිය පැවසුවේ ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් රැගෙනවිත් මෙරට බෙදා හැරීමට සඟවා තිබු කේරළ ගංජා තොගයක් මාදගත් වෙරළ තීරයේ තිබි සොයාගෙන ඇති බවයි. සැකකරුවන් ඉටිකොළවලින් ආවරණය කොට ගෙන කේරළ ගංජා තොගයක් එලෙස සොයාගෙන ඇති අතර, සොයාගත් කේරළ ගංජා තොගය රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු වන බවද පොලිසිය පැවසීය. පොලිසිය පැවසුවේ වසරේ ගතවු කාලසීමාව තුළ මාදගල් වෙරළ තීරයෙන් කේරළ ගංජා කිලෝග්රැම් 1000 කට වඩා වැඩි ‍ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. යාපනය මාදගල්,පේදුරුතුඩුව හා තලෙයිමන්නාරම වෙරළ තීරයන් ඔස්සේ කේරළ ගංජා හා බීඩිකොළ ජාවාරම බහුලව සිදුවන බවට ආරක්ෂක අංශ නිළධාරීන් තොරතුරු අනාවරණය කොටගෙන ඇති. සොයාගත් ගංජා තොගය යාපනය පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය පැවසීය. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..