brand logo

කොරොනාවෙන් මැරිලා දවස් 27කට පස්සේ මළ සිරුරට වෙච්ච දේ

12 November 2020

කොවිඩ්-19 ආසාදිතව මියගිය පුද්ගලයකුගේ මෘත දේහයක දින 27කට පසුවත් එම වෛරසය තිබුණු බවට ඔ්ස්ට්‍රෙලියාවේ පර්යේෂක කණ්ඩායමක් විසින් සොයාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසයි. ඒ අනුව කොවිඩ්-19 වෛරසය මළ සිරුරක හෝ මතුපිටක වුවද දීර්ඝ කාලයක් වෛරසය පැවතිය හැකි බව ඇය සදහන් කරයි. මෙම කරුණු අනාවරණය කරමින් මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය විසින් සිදුකළ වීඩියෝවක් මේ වන විට සමාජජාලවල සැරිසරමින් තිබේ. එම වීඩියෝව මගින් ඇය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ මෙම අවස්ථාවේ ජාති ආගම් සහ දේශපාලනය පිළිබදව ගැටුම් ඇති කරගෙන කොවිඩ් දේහයන් පිළිබදව තීරණය නොගෙන විද්‍යානුකූලව දැඩිව සිතා කටයුතු කළ යුතු බවයි. මේ වන විට ලංකාවේ කොවිඩ් දේහයන් සම්බන්ධ අවසන් කටයුතු කිරීමේදී මතුව ඇති ගැටළුවට විද්‍යානුකූලව පිළිතුරක් ලබාදෙමින් මහාචාර්යවරිය පෙන්වා දෙන්නේ කොරෝනා ආසාදිත මළ සිරුරු භූමිදානයට සුදුසු නොමැති බවයි. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය..... * වීඩියෝ දර්ශන ෆේස්බුක් සමාජජාලයෙන්.   සබැඳි පුවත් - රටේ විශේෂ තත්ත්ව මුස්ලිම් චාරිත්‍රවලට අදාල නැති බව සිංහලයෝ තේරුම් ගන්න ඕනලු http://www.aruna.lk/රටේ-විශේෂ-තත්ත්ව-මුස්ලිම/?fbclid=IwAR0cYXNN7pOnLM6fKGQwSREG8uw72ura-6bRN2lFjPCIZOYoHv-9mCWa_8E කොරෝනා මරණ අනිවාර්යයෙන්ම ආදාහනය කළ යුතු බව ඉන්දීය විශේෂඥයෙක් කියයි http://www.aruna.lk/කොරෝනා-මරණ-අනිවාර්යයෙන්ම/
 

More News..